මම වැරැද්දක් කරනවා නම් ජනාධිපතිතුමා මාව මාරු කරයි – හරීන්

තමා යම් කිසි වරදක් කර ඇත්නම් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පියවර ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ කාර්‍යයන් සඳහා හරීන් ප්‍රනාන්දු මහතා විසින් කිසිදු සහයක් නොදක්වන බවට එතුමිය නඟන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.
එහිදී හරීන් ප්‍රනන්දු අමාත්‍යවරයා පැවසුවේ ඩයනා ගමගේ අමාත්‍යවරිය සමඟ කිසිදු පෞද්ගලික අර්බුදයක් එතුමාට නොමැති බවයි.
නමුත් අවස්ථා කිහිපයකදී ඇය තමන්ට පරුෂ වචනයෙන් බැන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා,
“ප්‍රශ්නෙ තියෙන්නෙ එතුමිය ඉන්නෙ වෙනම ස්ථානයක මම ඉන්නෙ වෙනම ස්ථානයක. එතුමිය ඉන්නෙ බත්තරමුල්ලෙ අමාත්‍යංශයක. මගේ අමාත්‍යංශෙ තිබ්බෙ ලෝක වෙළඳ පොළ මධ්‍යස්ථානේ. ලක්ෂ 28ක් කුලිය. මම ඒකෙන් දවස් තුනෙන් අයින් වෙලා හොටේල් ස්කූල් එකේ හෝටල් කාමරයක් ඇතුළෙ තමයි මගේ ඔෆිස් එක තියෙන්නේ. ඒ කියන්නෙ සත පහක්වත් වියදම් වෙන්නෙ නැතුව තමයි මගේ අමාත්‍යංශෙ ඔෆිස් එක දුවන්නෙ. එයාට කොහොමහරි අමාත්‍යංශ ඔෆිස් එකක් හම්බුනා.”
ඩයනා ගමගේ අමාත්‍යවරියට තමාගේ අමාත්‍යංශ ලේකම්වරයා හා අනෙකුත් නිලධාරීන් සමඟ සම්බන්ධ වීමට කිසිදු බාධාවක් නොවන අතර සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඇයට නිදහස තිබෙන බව හරීන් ප්‍රනාන්දු මහතා තවදුරටත් සඳහන් කළා.