මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙනවනම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න

යෝජිත ත්‍රස්ත විරෝධී පනත ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන පනතක් ලෙස යම් අයෙකුට හැඟෙන්නේ නම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට හැකි බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
ඇමතිවරයා ප්‍රකාශ කළේ ඒ සඳහා ඔවුන්ට සති 2ක කාලයක් තිබෙන බවත් අවශ්‍ය නම් ඒ අයට නීතිඥ සහය ලබා දීමට වුව ද රජයට හැකියාවක් තිබෙන බවයි.
මෙම පනත අහෝසි කර මීට වඩා හොඳ පනතක් ගෙන ඒමට හැකි බවට කවුරුන් හෝ ප්‍රකාශ කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට රජයට හැකියාවක් තිබෙන බව ද ඔහු සඳහන් කළා.
ත්‍රස්තවාදය යනු, රටක ජාතික ආරක්ෂාව හා ජන ජීවිතය විනාශ කරන ක්‍රමවේදයක් බව ත් එවැන්නක් වැළැක්වීමට කිසියම් රජයක් සූදානම් නොවන්නේ නම්, එය රජයක් හෝ ආණ්ඩුවක් නොවන බවත් ඔහු පැවැසුවා.
ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන්නේ කුමන වේලාවේ ද යන්න පිළිබඳව ශාස්ත්‍ර කාරයන්ට තීන්දු කිරීමට හැකියාවක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
පල්ලෙකැලේ බන්ධනාගාරයේදී පැවති බන්ධනාගාරගත බාලදක්ෂයන්ගේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේ.