ක්‍රිකට් තහනම ගැන ICC තීන්දුව අද

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබඳව අද තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.
මෙම තීරණය ගැනීමට නියමිතව තිබෙන්නේ, ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම රැස්වීමේදී මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි.
ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉවත් කරන්නේ නම් ඒ සඳහා පනවනු ලබන කොන්දේසි පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.
එසේම එළඹෙන වසරේ පැවැත්වීමට නියමිතව ඇති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ගැනද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් නිරීක්ෂණ මට්ටමේ නියෝජිතයෙකු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාද සහභාගී වීමට නියමිත බවයි වාර්තාවන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතින් ක්‍රිකට් තහනමක් පනවා තිබීම හේතුවෙන් මෙරට ක්‍රිකට් සභාපතිවරයාට ක්‍රියාකාරී මට්ටමකින් මෙම රැස්වීම සඳහා සහභාගී වීමට නොහැකිවී ඇති බව සඳහන්වනවා.