දේශීය

රට බංකොලොත් කරපු අය ගැන කතා කරන්න මට ඉඩ දුන්නේ නෑ

තමා ඉදිරිපත් කරමින් තිබූ 27/2 ප්‍රශ්නයේ උදුරා ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසා සිටියේ, රට බංකොලොත් කිරීමට ක්‍රියා කළ අය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අනුව රාජපක්ෂවරුන්ගෙන් පාඩුව අයකර ගැනීමට කටයුතු කරනවද ලෙසයි.

එම ප්‍රශ්නය ඉදිරිපත් කරද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කෑකෝ ගසමින් විරෝධය පළ කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ ගැලරියේ පාසල් ළමුන්ද බලා සිටින අතර ආණ්ඩු පක්ෂයේ පැටිකිරිය රටට දැනගැනීම සඳහා දිගටම එලෙස හැසිරෙන ලෙසයි.

එම අවස්ථාවේ අදාල සිදුවීම විඩියෝ ගත නොකරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ගෙන් ඉල්ලීමක්ද කළා.

විපක්ෂ නායකවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය නොතකමින් තම ප්‍රශ්නය ඉදිරිපත් කළ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අසුන් වලින් නැගිට විපක්ෂ විපක්ෂනායකවරයා අසලට පැමිණ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button