දේශීය

සංක්‍රමණික ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාවට ඉන්දියාවෙන් නිවාස

තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස 1,500ක් ලබාදීමට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති එම්.කේ ස්ටාලින් පියවර ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, තිරුවානාමලෙයි, තිරුචිරප්පල්ලි, කොයිම්බතූර්, ඊරෝඩ්, සේලම්, විරුදුනගර් සහ ශිවගංග ඇතුළු තවත් දිස්ත්‍රික්ක 13ක් පුරා පැතිරී ඇති පුනරුත්තාපන කඳවුරු ආශ්‍රිතව මෙම නිවාස ඉදිකර ඇති බවයි.

ඒ අනුව, ඉන්දීය රුපියල් මිලියන 79.70ක වියදමින් ඉදිකරන ලද නිවාස 1,591ක් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා අතින් විවෘත කර ඇති අතර, පසුගිය 2021 වර්ෂයේ දී ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා වූ සරණාගත කඳවුරු පුනරුත්ථාපන කඳවුරු ලෙස නම් කර කිරිමට ප්‍රාන්ත මහ ඇමතිවරයා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් තවත් පුනරුත්ථාපන කඳවුරු 35ක නව නිවාස 3,510ක් ඉදිකිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button