දේශීය
සෑම මසකම ගෑස් මිල සංශෝධනය වන දිනය මෙන්න

ගෘහස්ථ ගෑස් සඳහා පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
මේ බව අද (09) පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන නිවේදනය කළා.
එකී මිල සුත්‍රය මත පදනම්ව සෑම මසකම 05 වනදා ගෘහස්ථ ගෑස් මිල තීරණය කෙරෙනු ඇති.
මේ අතර, මේ අතර, ජල හා මලාපවහන ගාස්තු ද සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.