දේශීය

අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිව​න කෑම මිල ගණන් මෙන්න

ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ,අද පැවති මාධ්‍ය හමුවකදීයි.

සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර ඇත්තේ, ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් බවයි වාර්තාවන්නේ.

ඒ අනුව, ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්, කිරි තේ එකක මිල රුපියල් 10කින්, කෑම (රයිස් ඇන්ඩ් කරී) එකක මිල රුපියල් 25කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50 කින් ආදී වශයෙන් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

යම්කිසි ආකාරයකින් රජය පරිභෝගික භාණ්ඩ මිල පහළ දැමුවහොත් එම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද හර්ෂණ රුක්ෂාන් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර වෙළඳපොළේ පවතින පොල් මිල​ද ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රුපියල් 80 – 90ක් වැනි මුදලකට අලෙවිවූ පොල් ගෙඩියක් මේ වන විට රුපියල් 100 – 150ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button