දේශීය

වෙනස් වූ ඉන්ධන මිල මෙන්​න

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතිනු ඇ​ති. 

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර, එහි මිල රුපියල් 420ක්.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 317ක්. 

එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර එහි මිල රුපියල් 377ක්.

භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 202ක්.

මේ අතර,  සයිනෝපෙක් සමාගම මඟින් අලෙවිකරන ඔටෝ ඩීසල් ලීටරයක මිල සිපෙට්කෝ සහ ලංකා IOC මිලට වඩා රුපියල් 3 ක් අඩුවෙන් අලෙවිකරන අතර සෙසු ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ සහ IOC මිලට සමාන වන​වා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button