දේශීය
මහ වැස්සෙන් කුඹුරු අක්කර 15,000කට හානි
අධික වර්ෂාවෙන් දිවයින පුරා කුඹුරු අක්කර 15,000කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, බස්නාහිර පළාතේ ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් වගා හානිවිම් වාර්තා වන බවයි.
එමෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ගණනය කිරීමෙන් අනතුරුව වගා හානි සදහා වන්දි ලබාදිමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසනවා.
පසුගියදා ඇති වු අධික වාර්ෂාව හේතුවෙන් මේ වනවිට වී වගා කළ කුඹුරු බොහොමයක් ජලයෙන් යටවී තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.