මෙරටින් ඔමික්‍රෝන් ආසාදිතයෙකු හමුවෙයි (වීඩියෝ)

අලුතින් හඳුනාගත් කොවිඩ් ප්‍රභේදය වන ‘Omicron’ වෛරසය ආසාදිත පුද්ගලයෙනු මෙරටින් පළමුවරට හදුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (03) නිවේදනය කළා.
එම කාර්යාංශය පවසන්නේ දකුණු අප්‍රිකාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට Omicron ප්‍රභේදය වැළඳී ඇති බව තහවුරු වී ඇති බවයි.
මේ අතර, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, එම ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය පියවර දැනටමත් ක්‍රියාත්මක බවයි.
මෙම ප්‍රභේදය වැළැක්වීමේ සහ සීමා කිරීමට අවශ්‍ය කෙරෙන ක්‍රියාමාර්ග සෞඛ්‍ය බලධාරීන් විසින් මේ වන විටත් ගනිමින් සිටින බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.
‘ඔමික්‍රොන්’ ප්‍රභේදය මෙරටින් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ජනතාව කලබල විය යුතු නැතැයි ද වෛද්‍ය හේරත් පවසනවා.

නව Covid ප්‍රභේදය ප්‍රථම වරට දකුණු අප්‍රිකාවෙන් අනාවරණය වූ අතර, ඉන් පසුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් අප්‍රිකානු රටවල් ගණනාවකින් පැමිණෙන්නන් හට සංචාරක තහනමක් නිකුත් කළා.