දේශීය
බවුසරයක් නිසා හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය වැසෙයි

ඉන්ධන බවුසරයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.
ගිණිගත්හේන ගෙවල් 20 ප්‍රදේශයේ වංගුවකදී බවුවසර් රථය මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ගිණිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව හැටන් දක්වා ධාවනය වන රථවාහන කළුගල, පොල්පිටිය, නෝටන්බ්‍රිජ් හරහා හැටන් දක්වා ධාවනය කළ හැකියි.
එසේම කොළඹ දක්වා ගමන්කරන රථවාහන ගම්පොළ මාර්ගය භාවිත කර හැටන් සිට කොළඹ බලා ධාවනය කරන ලෙස පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.