ඉතියෝපියාවෙන් රනිල්ට සුභ පැතුම්

ඉතියෝපියාවේ ජනාධිපති සහලේ වර්ක් සව්ඩේ (SahleWork Zewde) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා
දෙරට අතර මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි එහි සඳහන් වන්නේ.
මේ අතර, ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සීෂෙල්ස් ජනාධිපති වේවල් රාම්කලවන් (Wavel Ramkalawan) සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සියලු අභියෝග ජයගෙන ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධනය උදා කර ගනු ඇති බවයි. එමෙන්ම, දෙරට අතර සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් පළ කරමින් ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් (Mette Frederiksen) පවසනවා.
තවද, වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම එතුමාගේ නායකත්ව කුසලතා පිළිබඳ විශ්වාසයට සාක්ෂියක් බවත්, දෙරට අතර ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා කෙරෙහි ඉතා සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක් කළ සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ඩම්බුඩ්සෝ මනන්ගග්වා (Emmerson Dambudzo Mnangagwa) ප්‍රකාශ කර තිබෙනවා.
සර්බියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වූසික් (Aleksandar Vucic) ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් එක්කරමින් සඳහන් කර ඇත්තේ දෙරටේ සාම්ප්‍රදායික හා ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය වන බව තම විශ්වාසය බවත් ඒ සඳහා තම පුද්ගලික දායකත්වය ලබා දෙන බවයි.