දේශීය
රන් මිල අහස උසට

මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය නම්‍යශීලීව පාවීමට ඉඩ හැරීමත් සමඟ මෙරට රන් වෙළෙඳපොළේ රත්තරන් මිලද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
කොළඹ හෙට්ටිවීදිය රන් භාණ්ඩ නිෂ්පාදකයින්ගේ මිල ගණන්වලට අනුව අද දින කැරට් 24ක් රන් පවුමක මිල දැක්වූයේ රුපියල් 141,000ක් ලෙසයි.
එසේම කැරට් 22 රන් පවුමක මිල සටහන්ව ඇත්තේ රුපියල් 130,500 ක් ලෙසයි.
මෙම මිල ගණන් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම රන් මිල ලෙස වාර්තාවනවා.