දේශීය

ඉන්ධන කෝටාව ඉහළට

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත එළඹෙන උත්සව සමය වෙනුවෙන් දැනට සතියක කාලයක් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ඊයේ(03) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය පියවර ගත්තා.

ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කරමින් පැවසුවේ පෙර සැළසුම් කළ පරිදි උත්සව සමය වෙනුවෙන් වැඩිවන ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් අවශ්‍ය තොග ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඇණවුම් කර ලබාගෙන ඇති බවයි.

ඒ අනුව මේ වනවිට සතියකට යතුරුපැදි සඳහා ලබාදෙන ලීටර හතරේ ඉන්ධන කෝටාව ලීටර හත දක්වා ඉහළ දැමෙනු අතර මෝටර් රථ සඳහා ලබාදෙන ලීටර විස්ස ලීටර 30 ක් වන අතර, ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ලීටර පහ, ලීටර 8ක් දක්වා ද විශේෂ ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ලීටර 10ක ඉන්ධන කෝටාව ලීටර 15 දක්වාත් වැඩි කර තිබෙනවා.

එමෙන් ම බස් රථ සඳහා පැවති ලීටර 40 හේ සීමාව ලීටර 60 දක්වා ද, ලොරි රථ සඳහා ලබාදුන් ලීටර 50 සීමාව, ලීටර 75 දක්වාද, බහුකාර්ය රථ සඳහා පැවති ලීටර 15 සීමාව ලීටර 25 දක්වා ද ඉහළ දමා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button