Beijing News හි සම නිර්මාතෘවරයාට බරපතල වැඩ සහිත වසර 8ක සිර දඬුවමක්

අල්ලස් චෝදනාවකට වරදකරු වූ Beijing News හි සම නිර්මාතෘ Dai Zigengට බරපතල වැඩ සහිත වසර 8ක සිර දඬුවමක් පනවා තිබෙනවා. රහසිගත නඩු විභාගයකින් අනතුරුව මෙම දඬුවම පනවා ඇති බවයි වර්තා වන්නේ. මේ වසරේ පෙබරවාරි මාසයේ සිට අධිකරණය භාරයේ පසුවූ Dai ට අයත් යුවාන් මිලියන 16ක් පමණ වන වත්කම්ද අධිකරණය විසින් රාජසන්තක කෙරුණා.
චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය මණ්ඩලය ඔහුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කළේ 2019 වසරේ ජූනි මාසයේදී. ඒ පක්ෂ විනය හා නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමේ චෝදනාවටයි.
සිරගතව සිටින Dai Zigeng ලිපියකින් දැනුම් දෙන්නේ ශාරිරික යෝග්‍යතාව දුර්වල තමන්ට දිනකට පැය 7ක් අධික ලෙස වැඩ කිරීමට සිදුව ඇති බවයි.
Beijing News හි සම නිර්මාතෘ Cheng Yizhong පවසන්නේ මෙම ලිපිය පිළිගත හැකි බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ රහසිගතව පැවති නඩු විභාගය පිළිබඳ දැනට ප්‍රසිද්ධ වී ඇති තොරතුරුවලට අමතරව වෙනත් කිසිදු තොරතුරක් නොමැති බවයි. ඔවුන් නිර්මාණය කළ පද්ධතිය තුල සියල්ල පාලනය කළ හැකි තැනක ඔවුන් සිටින බව Cheng උපුටා දක්වමින් Radio Free Asia වාර්තා කළා.
Dai Zigeng, 2013 වසරේදී Beijing News ආරම්භ කළා.