විදෙස්
දෙවන දිනටත් චීනය තායිවාන ගුවන ආක්‍රමණය කරයි

දෙවන දිනටත් චීනය තායිවානය සහ ඒ අවට මුහුදේ යුද අභ්‍යසයේ නිරතවෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එමෙන්ම චීන ප්‍රහාරක ජෙට් යානා 71ක් සහ යුද ගුවන් යානා 45 මේ වනවිට තායිවාන ගුවන් සීමාව හරහා පියාසර කර ඇති බවටයි තායිවානය චෝදනා කරන්නේ.
තායිවන ජනාධිපතිනි සායි ඉන්ග් වෙන් ඇමරිකානු සංචාරයට මෙන්ම ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා හමුවීමට කෝපය ප්‍රකාශය කිරීමක් ලෙසටයි චීනය ඊයේ (08) මෙම යුද අභ්‍යාසය ආරම්භ කරනු ලැබුවා.
තායිවානය නිදහස් රාජ්‍යයක් ලෙස කටයුතු කරනු ලැබුවත්, චීනය සළකනු ලබන්නේ එය තමන්ට අයත් භූමියක් ලෙසටයි.