දේශීය

ගංවතුර අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය කිහිපය තුළ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව, සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් දැදුරු ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට සැලකියයුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශවලට ඊයේ (24) දින සිට ඇදහැලුණු අධික වැසි හේතුවෙන් දැදුරු ඔය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 27,800 ජල ප්‍රමාණයක් නිකුත් කරන බැවින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button