අයහපත් කාලගුණය නිසා ගුවන් ගමන් ප්‍රමාද වෙයි

කටුනායක ගුවන් තොටුපල අවට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් චීනයේ ෂැංහයි නුවර සිට ඊයේ (07) රාත්‍රී හතට පමණ පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යු. 231 යානය මාලදිවයිනේ – මාලේ ගුවන් තොටුපල වෙත යොමුකර තිබෙනවා.
එමෙන්ම කුවේට් සිට කටුනායකට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 230 දරණ ගුවන් යානයද අද (08) අලුයම මත්තල ගුවන් තොටුපලට ගොඩබැස්සවූ බවයි සඳහන් වන්නේ.
මේ අතර තවත් ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාදවී තිබෙනවා.
කටුනායකින් ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ යූ.එල්. 225 යානය පැය 15ක් පමණ ප්‍රමාදවූ බව ගුවන් තොටුපල බලධාරින් ප්‍රකාශ කළා.
එමෙන්ම ඩුබායි සිට කටුනායකට අද (08) අලුයම 4.45ට පැමිණීමට නියමිතව තිබූ යූ.එල්. 226 දරණ ගුවන් යානයද පස්වරු 4.55 දක්වා ප්‍රමාද වන බවයි වාර්තාවන්නේ.
ජපානයේ නරීටා බලා ඊයේ (07) රාත්‍රී 7ට පමණ පිටත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් යානය ද පිටත්ව ගියේ අද (08) අලුයම 1.50ටයි.
මුම්බායි බලා ඊයේ (07) රාත්‍රී 11.40ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය ද අද (08) අලුයම 5.35 දක්වා ගුවන්ගතවීම ප්‍රමාද වුණා.