විදෙස්

සෝමාලියාවට ආධාර සැපයීම යුරෝපා සංගමය තාවකාලිකව අත්හිටුවයි

ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ආධාර සැපයීම යුරෝපා සංගමය විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, පළාත් පාලන ආයතන හිමිකරුවන්, ආරක්ෂක අංශ සාමාජිකයින් දුප්පත් පුද්ගලයින් සඳහා ලැබිය යුතු ආධාර සොරකම් කිරීමට සම්බන්ධ වී ඇති බවට විමර්ශනයකින් අනාවරණය වී ඇති බවයි.

ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බව යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළා.

යුරෝපා සංගමය විසින් පසුගිය වසරේ ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ඩොලර් මිලියන 7කට වඩා ආධාර ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button