දේශීය
යාපනේ ඖෂධහලකින් බෙහෙත් වෙනුවට හිස් කුප්පි දීලා

වෛද්‍යවරයෙකු විසින් කුඩා ළමයෙකුට නිර්දේශ කරන ලද ඖෂධ කුප්පි ඉල්ලා සිටි පාරිභෝගිකයෙකුට යාපනය නගරයේ පිහිටි ඖෂධ වෙළද සැලකින් හිස් බෙහෙත් කුප්පි කීපයක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය ඊයේ (18) පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එම ඖෂධය නිවසට ගෙන ගොස් ළමයාට ලබා දීමට සූදානම් වූ අවස්ථාවේදී තමන්ට ලබා දී තිබූ ඖෂධ කුප්පි හිස් ඒවා බව එම පාරිභෝගිකයා සමාජ මාධය ඔස්සේ හෙළි කිරීමෙන් පසුව යාපනයේ සවේච්ඡා සාංවිධන කීපයක් පාරිභෝගික සේවා අධිකාරිය වෙත මෙම සිද්ධිය දැනුම්දී තිබෙනවා.
අදාල පාරිභෝගිකයා මේ සම්බන්ධයෙන් ඖෂධ වෙළද සැලට ගොස් තමන්ට සිදුවූ දේ පැහැදිලි කළ අවස්ථාවේදී එහි සිටි තරුණ සේවක සේවිකාවන් පාරිභෝගිකයා පැවසූ දේ එතරම් ගණනකට නොගෙන ක්‍රියා කළ බවටද ඖෂධ වෙළද සැලේ සේවකයින්ට චෝදනා එල්ල වී තිබෙනවා.