දේශීය

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමේ

අද උදෑසන සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (16) සවස 6 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, හෙට (17) උදෑසන 6 දක්වා බලපැවැත්වෙන පරිදි බව දැනුම්දෙමින් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මේ බව කියා සිටියා.

මලිතගොල්ල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක එම මාර්ගයේ පවතින අවදානම් තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජනතාවට වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button