දේශීය

විදුලි බිල අඩු කිරීම ජුලි මාසයේදී?

විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම සඳහා ක්‍රියාදාමය ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනා බාරදීමට අද (16) දක්වා කාලය ලබාදෙන ලෙස විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම යෝජනා මැයි මස 1  වැනිදා කොමිසමට ලබාදීමට නියමිතව තිබුණත් විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් මත එම කාලය පසුගිය10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කළා.

කෙසේ වෙතත් පසුගිය 10 වෙනිදාද ලංකා විදුලි බල  මණ්ඩලය අදාළ යෝජනා කොමිසමට ඉදිරිපත් නොකළ බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව කොමිසම යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්  විදුලිබල මණ්ඩලයට යළි සිහිකැඳවීමක්ද කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button