විදුලි ඉංජිනේරුවෝ හිටිහැටියේ අකුරට වැඩ

අද (25) මධ්‍යහන 12 සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරිමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.
ඉල්ලීම් 6 ක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව එම සංගමය පවසනවා.
ඒ අනුව අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන නිව් ෆෝට්‍රෙස් LNG ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම, දැනට සිදු වන LNG ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාම, විදුලිබල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම, 1969 අංක 17 දරණ විදුලිබල මන්ඩල පනත සංශෝධනය අත්හිටුවීම, සාමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීතරණයෙන් වැළැක්වීම, ජ්‍යෙෂ්ඨ කළමණාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම යන ඉල්ලීම් සදහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා.
සංගමය පවසන්නෙ දහවල් 12 සිට ක්‍රියාත්මක වන අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අනුව ඔවුන් සේවයට වාර්තා කරන්නේ උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා පමණක් බවයි.
කෙසේ වෙතත් හදිසි තත්වයන් හා බිඳ වැටීම්වලදී පමණක් නියමිත රාජාකාරී කාලයෙන් පිටත සේවයෙන් වාර්තා කරන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.