දේශීය

තද වැසි සහ සුළං පිළිබඳ පූර්ව අනතුරු ඇඟවී​ම්

මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපය තුළදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තද වැසි සහ සුළං ඇති විය හැකි බවයි.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවලද තද සුළං සහ වැසි ඇති විය හැකි බවද සඳහන්.

ඒ අනුව පවතින කාලගුණ තත්ත්වයන් පිළිබඳ ධීවර සහ නාවික ප්‍රජාව මෙන්ම ජනතාවද අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button