දේශීය

දෑත් බැඳ දිවීම වැනි ක්‍රීඩා එපා

දෑත් පිටුපසට බැඳ දිවීම ඇතුළු ඊට සමාන ක්‍රීඩා අවුරුදු උත්සවවලට ඇතුළත් නොකරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අවුරුදු සමයේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඊයේ(10) පැවති මාධ්‍ය දැනුවත් කිරීමක දී දන්ත වෛද්‍ය විශේෂඥ නිරෝෂා රණසිංහ මේ බව ප්‍රකාශ කළා.

ඇය පවසන්නේ දෑත් බැඳ දිවීම වැනි ක්‍රියා නිසා බිම ඇද වැටී ස්ථීර දත් කැඩී යෑමෙන් රෝහල් ගත වන සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමක පවතින බවයි.

අනතුරකින් ස්ථීර දතක් ගැලවී ගියහොත් නැවත එය යථා තත්වයට පත් කිරීමට නොහැකි බව ඇය ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය එහිදී සඳහන් කලේ එවැනි අනතුරක් සිදු වුවහොත් කාමර උෂ්ණත්වයේ ඇති කිරි වීදුරුවක, සේලයින් ද්‍රාවණයක හෝ රෝගියාගේ ඛේට ද්‍රාවණයක බහා ළඟම රෝහලට රැගෙන යෑම ‍යම්තාක් දුරකට සාර්ථක ක්‍රමයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button