දේශීය

බඩඉරිඟු ළඟ තබා ගන්න එපා

මෙවර මහ කන්නය සඳහා ගොවින් විසින් වගා කරන ලද බඩඉරිඟු තොග ගොවි ජනතාව සතුව පවතින්නේ නම් ඒවා වහා අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාශය ඉල්ලීමක් කරනවා.

ඒ බඩඉරිගු වල හිඟයක් පවතින බැවින් යලිත් බඩඉරිඟු ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් ඇතැම් ගොවීන් තමන් සතු බඩඉරිඟු තොග ගබඩා කර තැබීමට කටයුතු කළත්, බඩඉරිගු ආනයනය කළහොත් මිල ගණන් පහළ යා හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාශය පෙන්වා දෙන්නේ.

එබැවින් දැනට වෙළඳපලේ බඩඉරිඟු සඳහා හොඳ මිලක් පවතින බැවින් තමන් සතු බඩඉරිඟු තොග ඉක්මනින් අලෙවි කරන ලෙසයි ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button