දේශීය
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සහ ආයතන රැසක නිලධාරීන් අතර සාකච්ඡා

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආයතන කිහිපයක නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ, ඊයේ (16) පස්වරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදියි. අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වන ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පෞද්ගලික සමාගම, සීමා සහිත ගල් අගුරු සමාගම, සීමාසහිත එල් ටී එන් හෝල්ඩින්ග්ස් සමාගම, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ උසස් නිලධාරීන් එක්ව සිටියා.
එමෙන්ම, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ශ්‍රී ලංකා ඛනජ තෙල් සංවර්ධන අඛිරිය මෙන්ම ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගමේ නිලධාරින් ඊට එක්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.