විදෙස්

කඩා වැටුණු බැල්ටිමෝර් පාලම පුපුරුවා හරියි

ඉකුත් මාර්තු 26 වැනි දා මෙරට බලා බහාලුම් රැගෙන පැමිණෙමින් තිබූ ඩාලි නැමැති නෞකාව ගැටී කඩා වැටුණු එක්සත් ජනපදයේ බැල්ටිමෝර් වරාය ආසන්නයේ පිහිටි ෆ්‍රැන්සිස් ස්කොට් යතුරු පාලමේ කොටස් විනාශ කර දැමීමට එක්සත් ජනපද බලධාරින් කටයුතු කර තිබෙනවා.

ඉතිරි කොටස් කුඩා කොටස්වලට කැඩීම සඳහා පිපිරවීමකට ලක් කිරී​ම එම පාලම කඩා දැමීමේ අරමුණ වී ඇති බවයි වාර්තාවන්නේ.

පසුව එම සුන්බුන් එක්සත් ජනපද හමුදා ඉංජිනේරු බලකාය විසින් ඉවත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඉකුත් මාර්තු 26 වැනි දා සිදු වූ එම අනතුරෙන් අදාළ පාලම කැඩී ගිය අතර, පාලම මත සිටි ඉදිකිරීම් කම්කරුවන් හය දෙනෙක් පැටප්ස්කෝ ගඟට වැටී ජීවිතක්ෂයට පත් වුණා.

කෙසේ නමුත් කඩා වැටුණු එම පාල​ම නැවත ඉදි කිරීම සඳහා, ඩොලර් බිලියන 1.7 සිට ඩොලර් බිලියන 1.9 දක්වා මූදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර එහි 2028 දී ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂා කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button