විදෙස්

ගාසා තීරයේ විනාශවන ලෝක උරුමය

ගාසා තීරයේ යුද්ධය ආරම්භවූ දා සිට, එහි සංස්කෘතික උරුම ස්ථාන 200 කට වැඩි ප්‍රමාණයක් ලේඛනාගාර, විශ්ව විද්‍යාල සහ කෞතුකාගාර සමඟ විනාශවී තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව විසින් ඓතිහාසික කෞතුක වස්තු සොරාගෙන ගොස් ඇතැම් ඒව එරට පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනයට පවා තබා ඇති බ​ව අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.

ගාසා තීරයේ උරුමය මෙලෙස විනාශ කිරීම මගින් පලස්තීන ජනතාවට එම භූමිය පිළිබඳ අයිතිය සහ ඉතිහාසය අකාමකා දැමීමක් ලෙස සැලකෙන බවයි වාර්තාවන්නේ.

පුරාවිද්‍යාවේ පවතින මධ්‍යස්ථභාවය හෙවත් පොදු උරුමය දේශපාලන කාරණයක් බවට මෙමගින් පත් කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළා.

යුරෝපීය පුරා විද්‍යාඥයින්ගේ සම්මේලනය(EAA) ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button