විදෙස්

මංගල චාරිත්‍රයක් නිසා 13 දෙනෙක් මරුට

ඉන්දියාවේ කුෂිනගර්හි නෙබුවා නෞරංගියා ප්‍රදේශයේ දී මංගල උත්සවයකට අදාළ චාරිත්‍රයක් අතරතුර කිහිප දෙනෙකු වාඩි වී සිටි ළිඳක කොන්ක්‍රීට් ආවරණයක් කැඩී යාම නිසා සිදු වූ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 13 ක් දක්වා ඉහළ ගොස් ඇති බව බව පොලිසිය පවසනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ ‘මැට්කොඩ්වා’ නමින් හැඳින්වෙන ‘හල්ඩි’ චාරිත්‍රය සඳහා කාන්තාවන් සහ ගැහැණු ළමයින් ආවරණය කර ඇති ළිඳක් මත සහ ඒ අවට රැස්ව සිටි අවස්ථාවේදීයි.

කොන්ක්‍රීට් ආවරණය කාන්තාවන්ගේ අධික බරට ඔරොත්තුදීමට අපොහොසත්වීම නිසා අනපේක්ෂිත අයුරින් කඩාවැටී ඇතැයි සඳහන් වේ.

අනතුරෙන් 13 දෙනෙකු මියගොස් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලැබීය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි සිද්ධියෙන් මියගිය අයගේ පවුල්වලට ශෝකය පළ කර තිබේ.

තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අගමැතිවරයා ප්‍රාදේශීය බලධාරීන් මඟින් සිදු කළ යුතු සෑම කාර්යයක්ම ඉක්මණින් ඉටු කර දෙන බව ද ට්විටර් පණිවුඩය ඔස්සේ පවසා ඇත.

මියගිය අයගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 4 ක වන්දි මුදලක් ලබා දීමට ද රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button