දේශීය

මාලිගාකන්ද උසාවිය අසල වෙඩි තැබීමෙන් දියණිය ජීවිතක්ෂයට

මරදාන-මාලිගාකන්ද උසාවිය ආසන්නයේ ඊයේ (17) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් අවුරුදු 6 ක් පමණ වයසැති කුඩා දියණියක ජීවිතක්ෂයට පත්වී ඔහුගේ පියා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි මොවුන්ට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

වෙඩි තබන අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය තුළ දැරියගේ මවද සිට තිබෙන අතර ඇයට වෙඩි ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුවී නැති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබිම සිදු කර ඇත්තේ, මෙම දියණියගේ පියා මත්ද්‍රව්‍ය චෝදනාවකට මාලිගාකන්ද අධිකරණයෙන් ඇප ලබා පිටතට පැමිණෙන අවස්ථාවේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button