කලා

සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු කමල් හසන්ට කොරෝනා

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වන කමල් හසන්ට කොවිඩ්-19 අසාදනය වී තිබෙනවා.

ඔහු සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් යොදමින් මේ බව සනාථ කර සිටිනවා.

ඔහු එම ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත්තේ තමන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව රෝහල්ගත වූ බවයි

කොවිඩ්-19 වසංගතය පැතිරීම අවසන් ව නොමැති බැවින් සියලු දෙනා තවදුරටත් ආරක්ෂිතව සිටිය යුතු බව එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.

චෙන්නායි හි පෞද්ගලික රෝහලක කමල් හාසන් ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button