විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු සීමා කෙරේ

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා ලබාගැනීමට පැමිණෙන පිරිස සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (22) සිට නැවත දැනුම්දෙන තුරු සේවා අපේක්ෂාවෙන් පැමිණෙන පුද්ගලයින් 150කට පමණක් කොන්සියුලර් කටයුතු අංශයෙන් දෛනික සේවා සපයන බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ (e-DAS) බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස සේවාවන් සීමා කර ඇති බවයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ.
එම පද්ධතියේ බිඳවැටීම හේතුවෙන් ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සහ විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ශාඛා ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියට ද බලපෑම් එල්ල වී ඇතැයි විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එම ගැටලු නිරාකරණය කිරීම සඳහා අමාත්‍යාංශයේ තාක්ෂණික කණ්ඩායමක් මේ වන විට කටයුතු කරමින් සිටින අතර එම ගැටලුව නිරාකරණය කිරීමෙන් අනතුරු සහතික/ලේඛන සත්‍යාපනය කිරීම සම්බන්ධයෙන් වන සාමාන්‍ය සේවා අඛණ්ඩව සලසා දීමට හැකි වනු ඇති බව ද අමාත්‍යාංශය දැනුම්දෙනවා.
පද්ධති නඩත්තුව අවසන් වූ වහාම යාවත්කාලීන කිරීම් පිළිබඳව මහජනතාව දැනුම්වත් කරනු ඇති බවද අමාත්‍යාංශය කළ නිවේදනයේ සඳහන් .
මේ පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා දූරකථන අංක 011 -233 8812 හෝ dgcons@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ විය හැකියි.