විදෙස්

ජනපති රනිල්ගෙන් මාලදිවයිනේ නව ජනාධිපතිට සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා එම ධුරයේ දිවුරුම්දීමේ උත්සවය ඊයේ(17) මාලේහීදි පැවති අතර ඊට සහභාගීවූ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් මාලදිවයින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙම අවස්ථාවට සහභාගිවන ලෙස අසල්වැසි රටවල නායකයින් ඇතුළු අමුත්තන් 3000කට අධික පිරිසකට ආරාධනා කර තිබූ බවයි.

නව ජනාධිපති මුයිසු, සිය සමාරම්භක දේශනයේදී, “වෙනත් ඕනෑම රටක ආරක්‍ෂක රතු රේඛාවට” ගරු කරන බවට ප්‍රතිඥාදී තිබෙන අතර ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉන්දියන් සාගර දූපත් සමූහයට “ඝන රතු ඉරක්” ඇති බව ඔහු අවධාරණය කළා.

සැප්තැම්බර් මාසයේ පැවති මාලදිවයින ජනාධිපතිවරණයෙන් ආචාර්ය මුයිසු ජයග්‍රහණය කළේ, දෙවැනි වටයේදී වත්මන් ඊබ්‍රාහිම් සෝලි පරාජය කරමින් බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button