මෙරට පරිගණක සාක්ෂරතාව ඉහළට

මෙරට පරිගණක සාක්ෂරතාවය 39% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
2023 වර්ෂයේ පරිගණක සාක්ෂරතා සමීක්ෂණ වාර්තාවට අනුව මෙරට අවුරුදු 05ත් 69ත් අතර පුද්ගලයින් 05 දෙනෙකුගෙන් දෙදෙනෙකුට පරිගණක සාක්ෂරතාව පවතින බව සඳහන්.
එමෙන්ම පුද්ගලයින් 05 දෙනෙකුගෙන් තිදෙනෙකුට ඩිජිටල් සාක්ෂරතාව පවතින අතර එය 63.5%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
මෙරට පවුල්වලින් 20.2% ක් ඩෙක්ස්ටොප් හෝ ලැප්ටොප් පරිගණක භාවිතා කරන අතර නාගරික ජනතාවගේ පරිගණක හා ඩිජිටල් සාක්ෂරතාවයේ වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.
2021 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂය වන විට මෙරට පරිගණක සාක්ෂරතාවය 4.7% කින් ඉහළ ගොස් ඇති අතර වැඩිම පරිගණක සාක්ෂරතාවයක් වන 52.9%ක් නාගරික ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව සඳහන්.
බස්නාහිර පළාතේ වැඩිම පරිගණක සාක්ෂරතාවයක් පවතින අතර නැගෙනහිර පළාතේ අඩුව පරිගණක සාක්ෂරතාවක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙනවා.