දේශීය

ගුරු මාරුව ගැන රනිල්ට පැමිණිල්ලක්

ගුරු මාරු ක්‍රමවේදය ගැන නිසි විද්‍යාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා තුරු ගුරු ස්ථාන මාරුවීම් තාවකාලිකව නතර කරන ලෙස කොළඹ ප්‍රධාන ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළු විදුහල් කිහිපයක විදුහල්පතිවරුන් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බව සඳහන්. මෙලෙස සිදු වන ගුරු මාරුවීම් කිසිදු පිළිගත හැකි නිර්ණායකයන්ට යටත්ව ක්‍රියාත්මක නොවන බවද විදුහල්පතිවරුන් දැනුම් දී තිබෙනවා.

ගුරුවරුන් මාරු කිරීමේදී මේ වන විට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් වීම සහ අ.පො.ස සා.පෙළ විභාගය අවසන් නොවීමත් යන කාරණය සලකා බැලිය යුතු බවද විදුහල්පතිවරු පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගුරු මාරු මණ්ඩලය විසිරුවා හැරීමට මීට පෙර කටයුතු කරනු ලැබුවා.

ගුරු සංගම්වලට අවශ්‍ය පරිදි ගුරු මාරු ක්‍රියාත්මක වීම නතර කොට විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ගුරු මාරු සිදු කිරීම එහි අපේක්ෂාව බවයි එහිදී පැවසුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button