දේශීය

අන්තරේ භික්ෂූන් කඩා වැදීම හේතුවෙන් ජනපති ආරක්ෂක නිලධාරීන්ගේ වෙනසක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා සහ සහාය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පත්කර ඇති බව මෙරට පුවත්පත් කිහිපයක් වාර්තා කරයි.

ජනාධිපති ආරක්ෂක සේනාවේ පොලිස් කණ්ඩායම් භාරව පත්කර ඇත්තේ පුත්තලම භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරාය.

මේ අතර බුද්ධි හා ආවේක්ෂණ අංශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී ටී ජයලත් ඇතුළු සියයක පොලිස් බුද්ධි අංශ කණ්ඩායමක් ද ජනපතිවරයාගේ ආරක්ෂක කටයුතු සඳහා පත්කර ඇති බවද අද පුවත්පත් වාර්තා කර ඇත.

මේ අතර අන්තරේ භික්ශූන් කඩා වැදීම හේතුවෙන් ජනපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පසුගිය 04 වනදා ආරක්ෂක අමාත්‍යංශයේදී පවත්වා ඇති බවද ඉන් පසු මෙම තීරණ වලට එලඹ ඇති බවයි පුවත්පත් වැඩිදුරටත් වාර්තා කර තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button