දේශීය

චමින්ද කුලරත්න පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ධූරයට

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ධුරය සඳහා නීතිඥ චමින්ද කුලරත්න පත්කර තිබෙනවා.

මේ වන තෙක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ටිකිරි ජයතිලක මහාධිකරණ විනිශ්චයකාරවරයකු ලෙස පත්වුණා.

නිසා පුරප්පාඩුවී තිබූ එම තනතුරට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ අනුමැතියෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින් අයදුම්පත්‍ර කැඳවා තිබුණා.

ඉදිරිපත් කර තිබූ අයදුම්කරුවන් කථානායකවරයාගේ සභාපතීත්වයෙන් යුතු අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හා පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය යන අයගෙන් සමන්විත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව එම තනතුර සඳහා නීතිඥ චමින්ද කුලරත්න තෝරාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෙවැනි තනතුරක් සඳහා මීට පෙර මෙවැනි ඉහළ මට්ටමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මඟින් තෝරා ගැනීමක් මෙතෙක් සිදුවී නැති බවද වාර්තා වෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button