දේශීය
ප්‍රමිතියෙන් තොර ආපන ශාලා 2,103 කට නඩු

ප්‍රමිතියෙන් තොර ආපන ශාලා 2,103 කට එරෙහිව නඩු පවරා ඇතැයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.
එහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කළේ, පසුගිය 10 වැනිදා දක්වා එවැනි ආයතන 19,107 ක් පරීක්ෂා කර ඇති බවයි.
මේ අතර ප්‍රමිතියෙන් තොර මිනුම් උපකරණ පවත්වාගෙන ගිය, වෙළෙඳුන් 500 කට ආසන්න ප්‍රමාණයකට එරෙහිව නඩු පවරන බව, මිනුම් සහ ප්‍රමිති සේවා දෙපාර්තුමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා සඳහන් කළේ, වැඩිම වැටලීම් සංඛ්‍යාව බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.