තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් කළ කිරීමෙන්

තම ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීමට අවස්ථාවක් නොදෙන්නේනම් තමා ඕනෑම අවස්ථාවක තනතුරු අතහැරීමට සූදානම් බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසනවා.
ඊයේ (22) ආණමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
“පුත්තලම දිස්ත්‍රික්කයේ අපිට අයිතියක් තියෙනවා. මම කියන්න ඕනේ තැන්වලට කියලා තියෙනවා. මම ඕනෑ වෙලාවක ලෑස්තියි ඇමති තනතුර අයින් කරගන්න. මම කවදාවත් කප්පම් අරන් නෑ, බලෙන් ඉඩම් අරන් නෑ රාජ්‍ය නිලධාරීන් බය කරලා වැඩ ගන්නේ නෑ අපිට තනතුරුවල රැඳෙන්න අවශ්‍ය නෑ මිත්‍රවරුණි. ආණ්ඩුව වරදක් කරනවානම් අපි අත උස්සන්න ලෑස්තියි මම ඒක කිව්වා. ඒ නිසා මම තවත් ඉවසන්නේ අපට යුතුකමක් තියනවා ඔබට යුතුකම් ඉටු කරන්න. හැබැයි එක කරන්නත් බැරි නම් ආණ්ඩුවක් තුළ. මට වැඩ කරන්න දෙන්නේ නැත්නම් මොකක්ද මගේ ඇමතිකම. රජය, නායකයෝ ඒක තේරුම් ගන්න ඕන මම ලියපු ලියුම් දෙකටම තාම උත්තර නෑ දෙන්නේ නැත්නම් මම ලෑස්තියි ජනතාවගෙන් සමාව ගන්න. වැවක් හදන්න ඕනේ නම් නායකයාට ලක්ෂ 15ක් දෙන්න ඕන. මොකක්ද මේකද දේශපාලනය. සමහරු හිතනවා මම තමයි මේකේ ඉන්න ඕනේ, මම තමයි දිස්ත්‍රික්කයේ වැඩ ඔක්කොම කරන්න.මම තමයි බබා හම්බෙන එක බලන්න ඕන, ඔල්මාදයක් තියෙන්නේ. නායකයෝ මේකට තීන්දුවක් දෙන්නේ නැත්නම් තනතුරු දීලා ගෙදර ඉන්නවා. බලමු ඊළඟ මැතිවරණයේ මොකද වෙන්නේ කියලා”