දේශීය
විරෝධතාවයකට මීට වඩා මන්ත්‍රීලා ගේන්න – අගමැති (වීඩියෝ)

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා පාර්ලිලේන්තු පරිශ්‍ර පිවිසුමේ විරෝධතාවක නිරත වූ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවීමට අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා අද (06) එම ස්ථානයට ගොස් තිබෙනවා.
එහිදී මන්ත්‍රීවරුන් සමඟ සහඳ කතා බහක නිරතවූ අග්‍රාමාත්‍යවරයා විපක්ෂ මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ විරෝධතාවයක් සංවිධානය කිරීමේදී මීට වඩා වැඩි මන්ත්‍රීවරු පිරිසක් සහභාගී කර ගත යුතු බවයි.
ඉතිහාසයේ තමන් සමඟ දේශපාලන සටන් සමඟ එක්වූ මන්ත්‍රීවරුන්ද මෙම ස්ථානයේ සිටින බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා පසුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.
විරෝධතාවයට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, ඉමිතියාස් බාකිර් මාකාර්, පාඨලී චම්පික රණවක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.