දේශීය

චාවකච්චේරියේ වලදමා සිටි බිළිදියක් බේරාගැනේ

චාවකච්චේරි ප්‍රදේශයේ කුඩා බිළිදියක් පණපිටින් වල දමා තිබියදී බේරාගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා.

චාවකච්චේරි මට්ටුවිල් ප්‍රදේශයේ කාන්තාවක් විසින් ප්‍රසූත කළ බිළිඳියක් මෙලෙස පණ පිටින් වළ දමා ඇති බවට ග්‍රාම නිලධාරිනිය පොලිසියට දැනුම් දී තිබුණා.

ඒ අනුව චාවකච්චේරි පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පැමිණ බිළිඳිය වලදමා තිබූ ස්ථානය හාරා ඇයව ගොඩ ගෙන තිබෙනවා.

බේරාගත් බිළිඳිය හුස්ම ගන්නා බව තහවුරු වීම නිසා වහාම ඇයව චාවකච්චේරි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම සිදුවීමට අදාළ බිලිදියගේ මව මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button