දේශීය
නව හෙද නිලධාරීන්ට පත්වීම් හෙට

මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නව හෙද හෙදියන් 2519කට පත්වීම් ලිපි ප්‍රදානය අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) සිදු කරනු ලබනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, 2018 වසරේ බඳවා ගත් සිසු හෙද කණ්ඩායම යටතේ 2020 වසරේ ජනවාරි මාසයේ පුහුණු වීම් ආරම්භ කර සාර්ථකව පාඨමාලා සම්පූර්ණ කරන ලද සිසු හෙද හෙදියන් 2519 දෙනෙකු මෙහිදී පත්වීම් ලැබීමට නියමිත බවයි.
මේවන විට දිවයින පුරා හෙද නිලධාරීන් 42,000කට අධික ප්‍රමාණයක් සේවය කරන අතර, මෙම බදවා ගැනීමත් සමඟ මෙරට හෙද – හෙදියන්ගේ සංඛ්‍යාව 45,000 ඉක්මවා යාමට නියමිත බවද සඳහන්වනවා.