දේශීය

අනුර​ත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙ​යි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට කෝප් කමිටු සාමාජිකයින් 30 දෙනා අතරින් 10 දෙනෙකු ඉල්ලා අස් වුණා.

වසන්ත යාපා බණ්ඩාර මහතා සහ දුමින්ද දිසානායක මහතා අද (20) සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මේ වනවිට මන්ත්‍රීවරු 10 දෙනෙකු නව සභාපතිවරයාට විරෝධය පළ කරමින් කෝප් කමිටුවෙන් ඉවත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button