දේශීය

මෙහෙයුමක් අතරතුර තව​ත් සැරයන්වරයෙක්ට වෙඩි ව​දී

මල්වතුහිරිපිරිය ප්‍රදේශයේදී සැක ත්‍රිරොද රථයක් පරීක්ෂා කළ මල්වතු හිරිපිටිය පොලිසිය නිලධාරීන් පිරිසක් එහි සිටි සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා පොලිසියෙන් මිදී පළා යාමට උත්ස​හ කළ අවස්ථාවේ ඇතිවූ සිද්ධියක් අතරතුර පොලිසි සැරයන්වරයකු අත තිබූ ගිනි අවියක් පත්තුවී එම සැරයන්වරයාට තුවා ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසනවා.

මල්වතුහිරිපිටිය නිලධාරීන් කණ්ඩායමක් අද අලුයම  වාහනයක් පරීක්ෂා කරමින් සිටින අතරතුර බටේපොළ නගරය හරහා ගමන් ගත් සැකකටයුතු ත්‍රී රෝද රථයක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ, එම ත්‍රිරෝද රථයේ රියදුරු පරීක්ෂා කිරීමේදී ඔහු පැන යාමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය හා පොරබැදීමක් සිදුව ඇති බවත් එම අවස්ථාවේ ගිනි අවිය පත්තූවී ඇති බවයි.

කෙසේවෙත​ත් අදාල සැකකරු පත්තුවූ ගිනි අවියද රැගෙන ත්‍රිරෝද රථයෙන් පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

තුවාල ලත් සැරයන්වරයා ප්‍රතිකාර පිනිස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button