දේශීය

විජයදාසට යළිත් නඩුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සංශෝධිත පැමිණිල්ලක් ගොනු කිරීමට එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා කටයුතු කර තිබෙනවා.

මේ අනුව අද උදෑසන ප්‍රතික්ෂේප කළ අදාළ වාරණ නියෝග ඉල්ලීම් නැවත තහවුරු කිරීම සඳහා  කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි නඩුව කැඳවීමට නියමිතයි.

දුමින්ද දිසානායක මහතා විසින් පැවරූ නඩුවේ කරුණු සලකා බැලීමෙන් පසුව අද උදෑසන අදාළ  වාරණ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ දිසා විනිසුරුවරයා සඳහන් කර සිටියේ  පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවයි.

නඩුවේ හතරවන සහ පස්වන විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අය පදනම් කරගෙන පවරා ඇති මෙම නඩුකරයේ විත්තිකරුවන්ගේ පදිංචිය වශයෙන් කොළඹ ටී.බී. ජයා මාවතේ පිහිටි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය නම්කර තිබෙන බව අතර ඒ තුළින් ඔවුන්ගේ පදිංචිය තහවුරු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙනවා.

පදිංචිය තහවුරු කර නොමැති අවස්ථාවක සිවිල් නඩු නිධාන සංග්‍රහයේ 46(2) වගන්තිය යටතේ පැමිණිල්ලක් නිශ්ප්‍රභා කිරීමට හෝ එය සංශෝධනය කර ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දිය හැකි බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා.

Related:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button