දේශීය

නව ධීවර කෙටුම්පතට යෝජනා ලබාදීමට අවස්ථාවක් – ධීවර අමාත්‍යාංශය

අධික පිරිවැය හේතුවෙන් ධීවරයින් විශාල පිරිසක් කර්මාන්තයෙන් ඉවත්වෙමින් ඇතැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පවසනවා.

එහි කැඳවුම්කරු රත්න ගමගේ මහතා සඳහන් කළේ, එම තත්ත්වය මත මෙරට ධීවර කර්මාන්තය බිඳ වැටෙමින් ඇති බවයි.

සංශෝධිත ධීවර පනත් කෙටුම්පත සඳහා ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා.

ධීවර අමාත්‍යංශය සඳහන් කළේ, ඔක්තෝබර් 15 වැනිදා දක්වා ඊට අදාළ යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි.

අදාළ පනත සංශෝධනය කෙරෙන්නේ, සාගර පරිසර පද්ධතිය විධිමත්ව සංරක්ෂණය කිරීම මෙන්ම කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් ධීවර කේෂත්‍රයට අදාළ රෙගුලාසී යාවත්කාලීන කිරීමේ අරමුණින්.

ජාතික ධීවර මහා සම්මේලනය, ශ්‍රී ලංකා බහුදින ධීවර යාත්‍රා සංගමය, මාදැල් හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමය හා ශ්‍රී ලංකා මුහුදු ආහාර සකස් කිරීමේ සංගමය කැඳවා නව කෙටුම්පත පිළිබඳව දැනුවත් කර තිබෙනවා. ධීවර අමාත්‍යාංශය සඳහන් වැඩිදුරටත් කළේ, සියලු අදහස් හා යෝජනා ලබාගැනීමෙන් අනතුරුව කඩිනමින් එය කැබිනට් අනුමැතිය සඳහා යොමු කෙරෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button