දේශීය

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා සඳහන් කළේ, පින්නව​ල අලි අනාථාගාරයේ සිටින අතිරික්ත පිරිමි සතුන් රජයේ අයිතිය යටතේ පෙරහැර සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්,

“නැකැත් එකම කාලයේ යෙදීම නිසා පෙරහැරවල් දෙකට ම විශේෂයෙන් මහනුවර පෙරහැරේ අලි ඇතුන්ගෙන් කොටසක් සහභාගී වීම හේතුවෙන් අලි ඇතුන් සොයාගැනීමේ දුෂ්කරතාවයක් මහනුවර දළදා මාළිගාවට වගේම සිව් මහා දේවාලවලට අද මුහුණදීමට සිදුව තිබේ. විශේෂයෙන්ම මේ තත්ත්වය පිළිබඳව රජයේ වගකිව යුතු පිරිසට වරින් වර හීලෑ අලි ඇතුන් සංගමය විසින් දැනුවත් කිරීම් කළා. ජනාධිපතිවරයාවත් දැනුවත් කරලා තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button