වැල්ලම්පිටිය පාසලේ අනතුර ගැන විමර්ශනයක්

වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.
ඒ අනුව ඉදිරියේදී අදාළ පාසල වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරනවා.
ඊයේ (15) පස්වරුවේ අදාළ පාසලේ ජල කරාම සවි කර තිබූ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් දෑත් සෝදමින් සිටි පළමු ශ්‍රේණියේ සිසු සිසුවියන් 06 දෙනෙකු එම බැම්මට යටවී අනතුරට ලක් වුණා.
අනතුරෙන් තුවාල ලැබු එක් සිසුවියක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය අතර, තවත් පස් දෙනෙක් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවට රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මෙම සිදුවීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පාසලේ විදුහල්පතිවරයාටද පහර දීමක් සිදු කර ඇති බවයි වාර්තාවන්නේ.
පාසලේ ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් එම පාසලේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර, යළි අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිදු කිරීමට නියමිතයි.
මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ අවදානම් ස්ථාන සම්බන්ධයෙන් වැඩිහිටි ප්‍රජාව සැලකිළිමත් විය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි.විජේසූරිය මහතා පවසනවා.