විදෙස්

පිළිකාවෙන් මිය ගිය නිව්යෝක් කත ඇරඹූ අරමුදලින් තවත් රෝගීන් රැසකට ආධාර

ඩිම්බකෝෂ පිළිකාවකින් ජීවිතය හැර ගිය අමෙරිකාවේ නිව්යෝක් නුවර කාන්තාවක් මිය යෑමට පෙර සමාජ මාධ්‍යජාලා මගින් ආරම්භ කළ අරමුදල තවත් රෝගීන් විශාල පිරිසකගේ වෛද්‍ය ප්‍රතිකාර ණය මුදල් ගෙවීමට ප්‍රමාණවත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිව්යෝක් නුවර පොත් ප්‍රකාශන ආයතනයක හිමිකාරිණියක වන කේසි මැක්ලන්ටිර් නමැති 38 හැවිරිදි මේ කාන්තාව වසර 2019 සිට පිළිකා රෝගයෙන් පිඩා විඳිමින් සිටි බවත්, එවකට ඇය විසින් ආරම්භ කරනු ලැබූ පිළිකා අරමුදල පසුගියදා ඇය ජීවිතක්ෂයට පත් වන විට ඩොලර් එක්ලක්ෂ හැත්තෑදහස ඉක්මවා තිබූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

ඉතා ඉක්මනින් මෙලොව හැර යන බව සඳහන් කරමින් ඇය එම අරමුදලට ආධාර කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබූ අතර, ඇය වෙනුවෙන් අරමුදල් පිරි නැමූ ජනතාව තවත් රෝගීන් විශාල පිරිසකට ජීවිතය රැක ගැනීමට අවස්ථාව සලසා දීම සමාජ මාධ්‍ය ජාලා අතර වැඩි කතාබහට ලක්වූ පුවතක් බවට පත්වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button